අමනාප වූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 

සැකකරු සන්තකයේ තිබී එම තරුණියගේ තවත් නිරුවත් ඡායාරූප 4 ක් විශාල කර සකස් කර තිබියදී සොයා ගත් පොලිසිය නිරුවත් ඡායාරූප ඇතුළත් කර තිබූ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත23 හැවිරිදි පසුවන පැමිණිලිකාරිය හා සැකකරු මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර පාසල් මිතුරෙකු වූ සැකකරු සමඟ මීට වසර එකහමාරකට පමණ ඉහතදී පෙම් සබඳතාවයක් හටගෙන තිබූ බව පොලිසිය කියයි. එහිදී දෙදෙනා සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර ඡායාරූප ද ලබාගෙන තිබී ඇතැයි පොලිසිය කියයි.

එහිදී දෙදෙනා සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර ඡායාරූප ද ලබාගෙන තිබී ඇතැයි පොලිසිය කියයි. සැකකරුගේ නොගැලපීම් හේතූන් මත පැමිණිලිකාරිය සැකකරුව මගහැර ඇති අතර ඊට උරණ වී තිබූ සැකකරු ඇයගේ මුහුණ සහිත නිරුවත් ඡායාරූපයක් ඒ ෆෝ කොළයකට විශාල කර පැමිණිලිකාරිය පදිංචි නිවසේ ගේට්ටුවෙ අලවා ඇතැයි පොලිසිය කියයි. එය දුටු පැමිණිලිකාරිය එයත් රැගෙන පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.