Slider

ප්‍රදේශ රැසකට නාය යෑමේ අනතුරු නිවේදන

 


තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 46 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇත. 


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (27) පස්වරුවේ නිකුත් කර ඇති එම අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්යේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට දෙවැනි මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම,බෝපේ පෝද්දල,අම්බලන්ගොඩ , තවලම,නෙළුව, යක්කලමුල්ල,අක්මීමන, ඉමදූව, බද්දේගම, නාගොඩ සහ ගාල්ල කොටුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත සහ ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ට‌මේ නිවේදනයද, වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.


මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, කඹුරුපිටිය, කොටපොළ, තිහගොඩ, මාතර කඩවත්සතර , අතුරලිය, පිටබැද්දර,කිරින්ද පුහුල්වැල්ල, මුලටියන, හක්මන,වැලිපිටිය, අකුරැස්ස, සහ මාලිම්බඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.‍


රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කිරිඇල්ල, නිවිතිගල, අයගම සහ පැල්මඩුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු පට්ටමේ නිවේදනයද කුරුවිට, ඇහැලියගොඩ, රත්නපුර, බලන්ගොඩ, කොලොන්න,ඉඹුල්පේ,ගොඩකවෙළ, ඇලපාත,කලවාන, ඕපනායක, සහ වැලිගෙපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.


මෙම ප්‍රදේශවල තව දුරටත් වැසි පවතී නම් ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇත.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo