රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මෝටර් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කර තිබේ.

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ එම අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම ජීවිතක්ෂයට පත්විය.

අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුණි.

සිද්ධියෙන් මියගිය පොලිස් නිලධාරියා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රිය අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක තාක්ෂණික ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන අයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.