මහනුවර - ගලහා, දෙල්තොට ප්‍රදේශයේදී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර හමුවී තිබේ.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ දෙල්තොට ලිට්ල් වැලි ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.


එම සිසුවා ඊයේ (11) පස්වරුවේ ශිෂ්‍යත්ව විභාගයේ අතිරේක පන්තියකට සහභාගීවීමෙන් අනතුරුව සිය නිවස වෙත එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.


මහනුවර ,ගලහා,දෙල්තොට ප්‍රදේශය දේ සැඩපහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන් වූ  පාසල් සිසුවා ගේ සිරුර හමුවේ

ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග දරුවාගේ නිවසට යන මාර්ගයේ ඇළ මාර්ගයක් හරහා තිබූ අනාරක්ෂිත පාලමකින් එගොඩ වීමට යාමේදී සිසුව සැඩපහරට හසුවී ගසාගෙන ගොස් තිබේ.


ඊයේ රාත්‍රිය දක්වා ගලහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පාසල් සිසුවා සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.


කෙසේ වෙතත් පාසල් දරුවාගේ සිරුර සැඩ පහරට හසුව ගසාගෙන ගිය ස්ථානයේ සිට කිලෝමීටර් 3ක පමණ දුරකින් පිහිටි ස්ථානයක තිබියදී අද උදෑසන සොයාගෙන ඇත.