මීගලෑව පොලිස් වසමේ වීරගොල්ල ප්‍රදේශයේ දී සතුන්ට අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති බවට මීගලෑව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තුවාල ලැබූ දරුවා වයස අවුරුදු 15ක් වූ වීරගොල්ල, මිගලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

වගාවකට සිටුවීම සඳහා ඉනි කිහිපයක් කපා ගැනීම සඳහා තුවාල ලැබූ දරුවා නිවස අසල තිබූ කැලෑ ප්‍රදේශයට යහළුවන් දෙදෙනෙකු සමඟ ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී මෙලෙස බඳින තුවක්කුව පත්තුවී ඇති බවට පොලිසිය කළ විමර්ශනයේ දී ආනවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.