නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල්‍ය උත්සවයට අදාල විදුලිබිල සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් ගෙවන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවක් නිසා බව ජාතික ජන බලවේගයෙ ජාතික විධායක සභික නලින් හේවගේ මහතා පවසයි 


නීතිඥ වරයෙකු විසින් ගොනුකර ඇති අදාළ නඩුව ලබන මස 6 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණයේදී විමසීමට තීරණය කර ඇති බවත් ඒ මිනිසා ඊට පෙර අදාළ විදුලි බිල ගෙවා දැමූ බවත් ඔහු සඳහන් කරයි.


මෙම නඩුවට අදාළ සිතාසි මේ වන විට නාමල් රාජපක්ෂ වෙත යොමු වී යොමුවී ඇති අතර මෙම වංචාවට සම්බන්ධ සියලුම දෙනාට අදාළ සිතාසී යවා ඇති බවට සඳහන්.