හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ පළමු හා එකම කාන්තා සාමාජිකාව රොකට් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව පලස්තීන මාධ්‍ය වාර්තා කර තිබේ.

68 හැවිරිදි ජමීලා අල් ෂැන්ටි නමැති එම කාන්තාව හමාස් සංවිධානයේ සම නිර්මාතෘ අබ්දෙල් අසීස්ගේ වැන්දඹු බිරිය බවත්, එම සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව බවත් පලස්තීන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ පළමු කාන්තා සාමාජිකාව ලෙස ඇය තෝරාගෙන ඇත්තේ 2021 වසරේදී බව ද වාර්තා වේ. ඇගේ සැමියා වූ අබ්දෙල් අසීස් 2004 වසරේ ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුමුවට පත් විය.