ලාංකේය ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය අද දිනයේ දී විවෘත වීමට නියමිතයි.


අද පෙරවරු 10.00 සිටයි මෙම සාප්පු සංකීර්ණය මහජනතාව වෙනුවෙන් විවෘත වන්නේ.

මහල් 6කින් යුතු මෙම සුපිරි සාප්පු සංකීර්ණය ජාත්‍යන්තර සන්නාම රැසකින් සමන්විත සාප්පු, අවහන්හල් සහ සිනමා ශාලා 6කින් යුතු සුපිරි සිනමා සංකීර්ණයකින් ද යුක්ත වනවා.