සම්බුද්ධ ශාසනයේ ‘චීවර මාසය’ ලෙසද හඳුන්වනු ලබන වප් මස පුර පසළොස්වක් පොහෝ දිනය අදට යෙදී තිබේ.

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්ස පුරයට වැඩම කර යමා මහ පෙළහර පාමින් වැඩ සිටීම, අගසව් සැරියුත් හිමියන් ප්‍රඥාලාභි භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතු බුදු වීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම සිදු වූයේ අද වන් වප් පුර පසළොස්වක් පොහෝ දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සඟමිත් තෙරණිය ප්‍රමුඛ භික්‍ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිඳු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑ තිස් රජුගේ සන්දේශය හා තුටු පඬුරු රැ‍ගත් අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවට පිටත් කර යැවීම, මහා අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනා කිරීම වැනි ඉතා වැදගත් සිදුවීම් රැසක්ද අද වන් දිනක සිදුව ඇති බව ලංකා ඉතිහාසයේ දැක්වෙයි.