තරුණයන් තිදෙනෙකු විසින් ප්‍රාණඇපයට දූෂණය කළ බවට 23 හැවිරිදි එක්දරු මව දූෂණයට ලක් කළ බවට ශරීර ලක්ෂණ නොමැති බව වෛද්‍ය වාර්තාවෙහි දැක්වෙන බව පොලිසිය පවසනවා.


තරුණයන් තිදෙනෙකු විසින් තම මාස 16ක දරුවා ප්‍රාණඇපයට ගෙන තමාව දූෂණය කළ බවට 23 හැවිරිදි එක්දරු මවක් පෙරේදා පූගොඩ පොලීසියට පැමිණිලි කර තිබුණා.

තම සැමියා රැකියාවට ගිය අවස්ථාවේදී නිවසට ඇතුලු වූ ඔවුන් මව්කිරි බොමින් ඇකයේ සිටි තම බිළිඳා පැහැරගෙන පොළවේ ගසා මරාදමන බවට තර්ජනය කළ බවත්, පසුව තිදෙනා විසින්ම අවස්ථා කිහිපයකදී තමාව දූෂණය කළ බවත් ඇය පොලීසියට පවසා තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සිද්ධියට අදාළව 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තවත් 25 හැවිරිදි තරුණයෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුවන් ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, පොලීසිය පවසන්නේ එම සැකකරුවන් කාන්තාවක් දූෂණයට ලක් කළ බවට ශරීර ලක්ෂණ නොමැති බව වෛද්‍ය වාර්තාවෙහි දැක්වෙන බවයි.

අදාළ පැමිණිල්ල සිදුකළ කාන්තාව මාස කිහිපයකට පෙර මානසික ආබාධ තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවට කාන්තාවගේ සැමියා පොලීසියට පවසා තිබෙනවා.