පසුගියදා සනත් නිශාන්ත අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවේදි විදුලි බිල ගෙවීම හේතුවෙන් සමාජය තුළ ඒ සම්බන්ධයෙන් නොයෙකුත් කතිකාවන් ඇති වුණා. එවගේම පුද්ගලයන් කොට්ඨාසයක් එකතු වී එකතු වී ඔවුන්ගේ විදුලි බිලක් ගෙවන ලෙස සනත් නිශාන්ත නිශාන්ත මහතා වෙත ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කිරීම සිදුකළා.එවැනි කාලසීමාවකදී මේ සිදුවීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත අදහස් දක්වා තිබුනේ මේ ආකාරයෙන්.

'මේ බිල අරගෙන සමාජ මාධ්‍ය ජාල හා සමාජය තුළ ප්‍රශ්නයක් ඇති කළා මහින්ද මහත්තයා ණයයි කියලාමේ මනුස්සයා තිස් අවුරුද්දක් තිබුණ යුද්ධය අවසන් කරපු නායකයා. මේ රට වේගයෙන්ම සංවර්ධනය කරපු නායකයා. ඔබට මට හෘදය සාක්ෂියක් තියෙන මිනිස්සු හැටියට හිතලා බලන්න. මහින්ද මහත්තයා 2005 දි රට බාර ගන්න කොට රටේ තුනෙන් එකක් කොටින්ගේ අතේ තිබුණේපළාත් දෙකක් පුරන්වෙලා තිබුණේවිදුලිය නැතිව, පානීය ජලය නැතිව, මං මාවත් නැතිව විනාශ වෙච්ච පළාත් දෙකක් තිබුණේමුහුදෙන් තුනෙන් එකක් කොටින්ගේ අතේ තිබුණේ. මේ මනුස්සයා යුද්ධය අවසන් කරලා මේ පළාත් දෙකත් සංවර්ධනය කරලා රටේ අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් හදලා, මංමාවත් හදලා මුළු රටම එක් මිටට සංවර්ධනය කරපු නායකයා. ලෝකයේ බලගතුයි කියන රටවල් කතා කරලා කිව්වා ' මේ යුද්ධය ඔයාලට දිනන්න බෑ කතා කරලා බේරාගන්න කියලා. හැබැයි හිතුවක්කාර තීන්දුවක් අරන් මේ මනුස්සයා යුද්දෙ අවසන් කළා. එහෙම කරපු මේ මනුස්සයා කවදා හරි මැරෙන දවසට මේ රටට ණය නැති මනුස්සයෙක් විදියට මැරෙන්න ඕනෑ - ඒ ගෞරවාන්විත ජීවිත සමුගැනීම මේ මනුස්සයාට අහිමි වෙනවා, මේ විදියට දෙපැත්තට ඇද ඇද හිටියොත්. මහින්ද මහත්තයාට, නාමල් මහත්තයාට බිලක් ඇවිල්ලා නෑ- ආරක්ෂක අංශ ප්‍රධානීන් දෙපැත්තට ලියුම් හුවමාරු කර කර ඉඳලා. සමාජ මාධ්‍ය ජාලාවල මේ බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ මේ මනුස්සයාව හොරෙක් කරන්න හදනවා.