පසුගිය කාල සීමාවේදී සමාජ මාධ්‍ය හරහා ඉතාමත් වේගයෙන් ප්‍රචාරය වුණු වීඩියෝවක් තමයි  සමෘද්ධි නිලධාරිනියක් පරුෂ වචනයෙන් යම්කිසි පුද්ගලයන් කොට්ඨාසයකට බැනවැදීමේ සිදුවීම.මේ සිදුවීම සමාජ මාධ්‍ය හරහා ඉතාමත් වේගයෙන් ප්‍රචාරය වීම නිසා ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණා.


බැංකුව වෙත මුදල් ඉල්ලමින් පැමිණි පුද්ගලයෙක් ආපසු හරවා යැවීම සඳහා තමයි ඇය මේ ආකාරයේ පරුෂ වචනයෙන් බැන වැදීම සිදු කළේ.එනිසාම ඒ වෙනුවෙන් පියවර ගත් අදාල බලධාරීන් මේ වන විට ඇගේ වැඩ තහනම් කොට ඇති බවට තමයි ආරංචි මාර්ග වලින් සඳහන් වෙන්නේ.


ඒ හේතු කාරණාව නිසාම ඇය දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර කරකියාගන්න දෙයක් නොමැතිව කුලී වැඩක්වත් කරගන්න බැහැ කියන තැන ඉන්න ඇය හඬා වැටෙමින් මෙ සිදුවීම පිළිබඳව හොයන්න මානව හිමිකම් සංවිධානයේ පුද්ගලයන් වෙත තමන්ගේ  දුක් ගැනවිල්ල ඉදිරිපත් කර තිබුණා.ඒ අවස්ථාවේදී ඇය සඳහන් කළේ


"මම අසරණයි මම  ජීවත් වුණේ ඒ පඩියෙන්.මාසෙට 44000 ගත්තා.මට මේ මාසේ ඉඳලා ඒ පඩිය නැති වුණා.මට ජීවත් වෙන්න විදිහක් නෑ ඒ නිසා මං ගැන හිතලා මේ රස්සාව මට හරිගස්සලා දෙන්න"


ඉතින් මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් සුදුසුම පියවර ගැනීමට ඔවුන් සූදානමින්.