ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේ ගැටලු මතුවන බව ඛනිජ තෙල් අලෙවි නියෝජිත සංගමය ප්‍රකාශ කර තිබේ.



එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ, පවතින ආර්ථික තත්ත්වයත් සමඟ ඉන්ධන අලෙවියට දැනටමත් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.




මේ ප්‍රශ්නය රටේ සියලුම කර්මාන්තශාලා සහ ඉන්ධන පිරවුම්හල්වලට බලපාන බව ද ඔහු ප්‍රකාශ කළේය.



 පිරවුම්හල්වල වියදම් වැඩිවීමක් දක්නට ලැබෙන අතර දෛනික විකුණුම් පහත වැටෙමින් පවතින බවද ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.



කෙසේ වුවත් දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව සතුටු පළකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



එමගින් ජනතාවට විශාල සේවයක් සිදුවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.