ශ්‍රී ලංකා දේශපාලන අවකාශය තුළ ඇති වී තිබෙන වර්තමාන රික්තකය සාධනීය ලෙස සපුරාලීමේ අරමුණින් කෙටිකාලීන හා දිගුකාලීන ආර්ථික, සමාජ, දේශපාලන තිරසාරත්වය නැවත ළඟා කර ගැනීමත්, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සතුටු දැයක් නිර්මාණය කිරීමත්, පෙර දැක්ම කර ගනිමින් මව්බිම ජනතා පක්‍ෂ නිර්මාණය කළ බව එහි නායක දිලිත් ජයවීර මහතා පැවසීය. සතුටු දැයක් නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නව්‍යකරණයේ පෙර මග සලකුණු සනිටුහන් කරමින් මව්බිම ජනතා පක්‍ෂයේ ජාතික මූලස්ථානය අංක IIඋද්‍යාන මාවත, කොළඹ 08 දරන ස්ථානයේදී අද (Tiදා) විවෘත කෙරිණි. 

එහිදී වැඩිදුරටත් මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙලෙස අදහස් පළ කළේය. &අද සුවිශේෂී දිනයක්, සතුටු දැයක් නිර්මාණය කිරීමේ තේමාව යටතේ සුහුරු ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව, ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම බල ගැන්වීම වෙනුවෙන් මව්බිම ජනතා පක්‍ෂයේ ජාතික මූලස්ථානය විවෘත වෙනවාමේ රට ව්‍යවසායකයන්ගේ තෝතැන්නක් බවට පත් විය යුතු බව මා දැඩිව විශ්වාස කරනවා. 

නිදහසින් පසු අපේ රට තුළ දිගින් දිගටම ඇති වූ සමාජ, ආර්ථික දේශපාලන තත්ත්වයන් පිටුපස තිබූ ජාතික උපාය මාර්ගික ප්‍රවේශයන්හි අඩුව පුරවාලමින් ඉහළ දේශපාලන සාක්‍ෂරතාවකින් හෙබි ශ්‍රී ලාංකික සමාජයක් නිර්මාණය කළ යුතු වෙනවා. එමගින් සහභාගිත්ව දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කෙටි කාලීනව ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික පසුබෑම නැවත සුබවාදී දිශානතියකට හරවාලීම උදෙසා විද්‍යාත්මක ආර්ථික වැඩපිළිවෙළක් සහ විද්‍යානුකූල දැක්මක් සහිත ආර්ථික ප්‍රතිපත්තියක් සමාජගත කළ යුතුයි.

එමගින් දුර්මත මත පදනම් වූ යෝජිත වෙනස්කම් වෙනුවට වඩාත් ප්‍රශස්ත විසඳුම් මාලාවක් සාකච්ඡාවට භාජනය කළ යුතු වෙනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රට හැරයාම වළක්වාලමින් සුහුරු ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කර විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා සුව්ශේෂී අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ සඳහා මව්බිම ජනතා පක්‍ෂය සැදීපැහැදී කටයුතු කිරීමට සූදානමින් සිටිනවා.*