අද (15) උදෑසන 10.30ට පමණ සපුගස්කන්ද පොලිස් වසමේ සියඹලාපේ, ගලහිටියාව පාලම ආසන්නයට ගොස් ඇති එස්.එල්. මුතුකුමාරණ මහතාට මෙම හිස්කබල හමුව ඇත.



ඒ අනුව එම හිස්කබල අංගොඩ දී මරා දැමුණු කාන්තාවගේ හිස දැයි සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.




මහර මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු හිස්කබල ඩී.එන්.එ් පරීක්ෂණයකට යොමු කර අදාළ කාන්තාවගේ හිස දැයි තීරණය කරන බව පොලීසියේ ප්‍රකාශයෙකු සඳහන් කළේය.


ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම කාන්තාව ඝාතනය කළ සැකකරුවන් කළ පාපොච්චාරණයෙන් පසු මෙම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කළ ද පැවති අධික වර්ෂාව හේතුවෙන් හිස්කබල හමුනොවූ බවය.


සපුගස්කන්ද පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.