පවතින අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙත මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.


ඒ එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසය.


ඒ අනුව දුරකථන අංක 0412 234 134 හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙස ඔවුන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.