අද අලුයම 6 ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේ ලිබර්ටි වටරවුම අසල දී මගී බස්රථයකට ගසක් කඩා වැටී ඇත.පොලිසිය සඳහන් කළ ආකාරයට සිදුවීමෙන් තුවාල ලැබූ සියලුම දෙනා රෝහල්ගත කිරීම සිදුවිය.


ලිබර්ටි වට රවුමේ සිට මීටර් සීයක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කරමින් සිටින අතරතුර තමයි මෙම අනතුර සිදු වූ බවට වාර්තා වෙන්නේ.මේ වන විට තුවාල ලබා රෝහල්ගත කළ පිරිස 17 ක් පමණ වන බවට රෝහල් ආරංචිමාර්ග විසින් ප්‍රකාශ කළ අතර ඔවුන් තවදුරටත් වැඩිදුර වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිතයි.



අනතුරෙන් බස් රථයේ සිරවී සිටි පුද්ගලයන් කිහිප දෙනෙක් හමුදාව සහය සහ පොලීසියේ සහය ඇතුව මුදවා ගත්තත්  අනතුර නිසා පස් දෙනෙකු මියගිය බවට රෝහල් ආරංචි මාර්ග තහවුරු කළා.