මැතිවරණ සමයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙච්ච චරිතයක් තමයි මහින්ද දේශප්‍රිය මහත්මයා කියන්නේ.ඔහුගේ කෙලින් කතාව සහ ලයාන්විත ආමන්ත්‍රණය නිසාම බහුතරයක් දෙනා මේ සොඳුරු රාජ්‍ය සේවකයාට හදවතින්ම ආදරේ කළා.

මේවට විශ්‍රාම සුවයෙන් කාලය ගත කරන එතුමා එතුමාගේ ජීවිතය තුළදී එතුමා කළ කී දෑ පිළිබඳව පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

"election එකේ ඉද්දි මට ස්කොට් එකක් දීලා තිබුණා. මට බයික් එකක් තිබුණා සමහර වෙලාවට මම ගෙදර යද්දි ජීප් එකේ යනවා.මම ආරක්ෂාවට කවුරුත් එක්කන් යන්නැහැ.කට්ටිය මගෙන් අහනවා කොඉ සර් පොලිසිය කියලා. එතකොට මම කියනවා පිස්සුද යකෝ පොලිසිය එක්කන් ඇවිල්ලා මම පෙන්ෂන් ගිහින් එද්දි උඹලා මගින් අහයිනේ පොලිසිය කියලා.මම බස් එකේ යන්න පුරුදු වෙලා තියෙන්නේ. මට ඕනේ තැනක බස් එකේ යන්න පුළුවන්නේ.එකම දේ තියෙන්නෙ මොකද දන්නවද ගාල්ල මාතර බස් වල එන එකේ පොඩි අවුලක් තියෙනවා.ඒබස් හරි වේගෙන් පද්දනවා. අනිත් එක කණ පැලෙන්න සිංදු දානවා.ඔය ප්‍රශ්නය නැත්නම් අවුලක් නැහැ.සමහර වෙලාවට කෝච්චිය යනවා."

ඉතින් ගමේ ඉපදිලා ගමේ හැදුනු ඉතාමත් අව්‍යාජ මනුස්සයෙක් විදිහට අදටත් ඔවුන් සරල ජීවිතයක් ගත කරනවා ඉතින් එතුමාට අපි තවත් බොහෝ කාලයක් ජීවත් වීමට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.