Slider

ටික්ටොක් කරන්න ඔරුවක නැගලා ගිය ළමයින්ට අවසානයේ අත්වුණු අවාසනාවන්ත ඉරණම

 





මඩලකලපුව නාවල්අඩි කළපුවේ දී සිසුන් හයදෙනෙක් ගමන්ගත් ඔරුවක් පෙරළී අනතුරක් සිදුව තිබේ.


අද (08) දහවල් 12ට පමණ මඩකලපුව සීලාමුනේ ප්‍රදේශයේ සිට නාවල්අඩි ප්‍රදේශයට මෙම සිසුන් පැමිණ තිබුණි.


පසුව ඔවුන් හයදෙනා නැවත සීලාමුනේ බලා පිටත්වීමට ගොඩට පැමිණෙමින් තිබිය දී ඔරුව පෙරළී එයට යටවී ඇතැයි වාර්තා වේ.


එහිදී ඔරුවේ ගමන්ගත් සිසුන් අතරින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවය.


මෙම සිසුන් ටික්ටොක් වීඩියෝවක් සැකසීම සඳහා මෙලෙස ඔරුවකින් ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මඩකලපුව ශිලාමනන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 18 සිසුන් දෙදෙනෙකි.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo