පූගොඩ - අඹගහවත්ත ප්‍රදේශයේදී කුඩා දැරියක් ප්‍රාණ ඇපයට ගෙන ඇගේ මව අතවරයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



මේවන විට සිද්ධියට සම්බන්ධ තවත් තරුණයෙකු සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය පවසයි.




සිද්ධිය වන අවස්ථාවේ දී අදාළ කාන්තාව සිය සිව් මසැති බිළිඳියට මව්කිරි ලබා දෙමින් සිට තිබෙන අතර එම අවස්ථාවේදී නිවසට ඇතුළු වූ පුද්ගලයන් තිදෙනා සිව් මසැති බිළිඳිය ඔවුන්ගේ ප්‍රාණ ඇපයට ගෙන, අදාළ මව බියගන්වා ඇයව අතවරයට ලක්කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.





සිද්ධයට මුහුණ දුන් මෙම 23 හැවිරිදි කාන්තාවගේ සැමියා සතිපොළවල භාණ්ඩ අලෙවි කරන්නෙකු බවයි පොලීසිය සඳහන් කළේ.





අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා ලබන මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.