ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර සිල්වා පසුගිය දිනක දී රාජකාරී ගිනි අවියෙන් සිවි දිවි නසා ගැනීම වීඩියෝ ඇමතුමක් මගින් යම් අයෙකුට පෙනෙන්නට වෙඩි තබා ගන්නට ඇති බවට යම් සැකයක් මතුව තිබෙනවා...


ඔහුගේ වට්ස් ඇප් ඇමතුම ඔස්සේ වැඩි කාලයක් යමෙක් සමඟ ඇමතුම් සමඟ රැදි සිටි ඇති අතර, තමා සිය දිවි නසා ගන්නා බවට පණිවුඩ කිහිපයක් ද යොමු කර ඇති බවයි වාර්තා වන්නේ...

මත්පැන් පානය කර ඇති නිසාවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ගන්න ඇතැයි ද සැකයක් මතු වී ඇති බව සඳහන් වෙනවා...

තවද, පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳ පවසන්නේ ඔහුගේ වියෝව දරා ගැනීමට නොහැකි බවයි.

''හැම ගමනක්ම අපි හතර දෙනා එකට ගියේ . අද ඔයා අපිව දාලා තනියම යනවා.අපිට මේ දුක දරා ගන්න බැහැ''

යනුවෙන් ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර සිල්වාගේ බිරිඳ දීපිකා ජයතුංග පවසනවා...

මියයාම පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වන බව සඳහන් වෙනවා..