ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 40 ක් දක්වා පමණ පහත වැටීම හේතුවෙන් තමන් දැඩි ලෙස අසරණ වී ඇතැයි ලීක්ස් වගාවේ නියුතු වැලිමඩ ගොවින් කියා සිටී.


වැලිමඩ සිල්මියාපුර , පාදිනාවෙල, බොරගස්, රේන්දපොල ආදී ප්‍රදේශවල බහුලවම ලීක්ස් වගාව සිදු කරන අතර ගොවින් කියා සිටින්නේ නිෂ්පාදන වියදම් ඉහල ගොස් ඇති නිසා රුපියල් 40 ක වැනි අඩු මිලකට ලීක්ස් අලෙවි කිරීම තමන්ට නිෂ්පාදන වියදමද පියවා ගැනීමට නොහැකි තත්වයක් බවයි. 



තමන් මෙලෙස අඩු මිලට ලීක්ස් අලෙවි කලද වෙළද පොලේ ලීක්ස් කිලෝවක සිල්ලර මිල රුපියල් 350 ක් 400 ක් දක්වා අතර පවතින බවත් පවසන ගොවින් කියා සිටින්නේ අතරමැදියන් මෙවන් තත්වයක් තුල විශාල ලාභයක් ලබන බවයි. 



තමන් මේ පත්ව ඇති අසීරු තාවයෙන් මිදීමට නම් ලික්ස් වගාවේ නිෂ්පාදන වියදම අඩු කිරීමට යම් වැඩපිළිවෙලක් සකස් කර දෙන මෙන් ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී 


බලධාරින් වහා පියවර ගත යුතු බව ගොවින් කියා සිටී. 


එසේ නොමැති වුවහොත් තමන් පාරම්පරිකව සිදු කර ගෙන ආ මෙම ලීක්ස් වගාවෙන් ඉවත් වීමට සිදු වනු අතැයිද ගොවින් කියා සිටී.