Slider

උදේ බස් දෙකම ආපු නැති නිසා ශිෂ්‍යත්වෙට යන්න හිටපු ළමයි අසරණ වෙලා කිලෝමීටර් දහයක් පයින් ගිහින්.

 


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අද (15) හාලිඇල දීගල්ල ගම්මානයේ සිට පැමිණි සිසුන් ට බස්රථ නොමැති වීමෙන් සිසුන් මෙන්ම දෙමව්පියන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියහ . දීගල්ල උඩගම සිට උදෑසන 5.55ට සහ උදෑසන 6.30 බදුල්ල බලා ශ්‍රී ලංගම බස් රථ දෙකක් ගමන් ආරම්භ කලද,5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවති අද (15) දිනයේ ඉන් එකදු බස්රථය ක් හෝ ධාවනය නොවු බවද දීගල්ල උඩගම ගම්වාසීන් කීහ .


 මේ නිසාවෙන් දීගල්ල උඩගම , පනාකන්නිය, අහස්පොකුන, ඌව කැටවල වත්ත දික්වැල්ල වත්ත, ආදි ගම්මාන රැසක සිට හාලිඇල , බදුල්ල ,කන්දේගෙදර නගර වල පාසල් විභාග මධ්‍යස්ථාන කරා යාමට දෙමව්පියන් සමඟ අද (1) උදෑසන පැමිණි සිසුන්ට කිලො මීටර් 10 ක පමණ දුර පාගමනින් කැටවල නගරයට යාමට සිදු වූ බවත් දීගල්ල ගම්මානයේ පදිංචි රූපසිංහ යාපා මහතා පැවසීය . 


කැටවල නගරයේ සිට 5 ශිෂ්‍යත්ව සිසුන් හාලිඇල ,බදුල්ල කන්දේගෙදර නගරයේ සිය විභාග මධ්‍යස්ථාන කරා යාමේදී ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට ඔඔන්න මෙන්න කියා තිබිණැයි හෙතෙම කීය . මෙම දීගල්ල ගම්වාසීහු පැවසුවේ ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවට දීගල්ල බදුල්ල අතර ධාවනය කරවීමට ලංගම බස් රථ නොමැති නම් එම ගමන් වාර ශ්‍රී ලංගම වෙනත් ඩිපෝවකට ලබා දෙන්න කියා බලධාරීන්ගේ න් ඉල්ලති . මේ සම්බන්ධයෙන් බදුල්ල ඩිපෝවේ ප්‍රකාශයකු පැවසවේ එම බස්රථ හදිසි ආපදාවකට ලක්වූ බවය .

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo