Slider

විමර්ශන කටයුතු සඳහා ගොඩගත් ගොඩ ගත් දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය ගැන අධිකරණය දුන් නියෝගය

 


විමර්ශන කටයුතු ගොඩගනු ලැබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද (16) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දී තිබේ.



ඒ අනුව මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිලදී ගෙන තිබෙන බිම් කඩක ඔහුගේ දේහය භූමදානය කිරීමට ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කළාය.



දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ආදාහනය කිරීම නුසුදුසු බවට ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත්කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් කරතිබූ නිර්දේශ විමර්ශනය කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදී තිබේ.



ඉන් අනතුරුව මෙම පරීක්ෂණය ලබන 31 වන දා යළි කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදින විමර්ශන පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියාය.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo