පසුගියදා නිවසකට අයුතු ලෙස කිසිදු අවසරයකින් තොරව ඇතුළු වීමේ සිද්ධියක් මත ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතාට අධිකරණය හමුවට යොමු වීමට නියෝගයක් නිකුත් විය.මෙම මස 12 වැනි දින මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතයි.


කුමාර ධර්මසේන ඇතුළු බින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය දොළොස් දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.


වත්තල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නැමැති පුද්ගලයෙකු  නාරාහෙන්පිට පොලිසියද වගඋත්තරකරුවන් කරමින් අධිකරණය හමුවේ ගොනු කෙරූ පුද්ගලික පැමිණිල්ලක්  සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බවට වැඩිදුරටත් සඳහන්.