යාපනයේ ප්‍රදේශ කීපයක් පුරා මේ දිනවල ඇස් රෝගයක් පැතිර යමින් පවතින අතර එම රෝගයට වැඩි වශයෙන්ම ගොදුරු වී ඇත්තේ පාසල් සිසුන් බව වාර්තා වේ.

යාපනයේ වලිකාමම්, වඩමරච්චි යන ප්‍රදේශවලින් මෙම ඇස් රෝගය වැළදුණු පාසල් සිසුන් 68 දෙනෙකු එම පළාත්වල ප්‍රාදේශීය රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබේ.


ඇස්වලින් කදුළු ගැලීමත්, ඇස් රතු පැහැ ගැන්වීමත් මෙම ඇස් රෝගයේ මූලික රෝග ලක්ෂණ වන අතර රෝගය වැළදීමෙන් පසුව ඇස්වල දැඩි වේදනාවක් හට ගන්නා බවද සඳහන් වේ.

මේ දිනවල යාපනය පුරා පවතින අධික සුළං සහිත තත්ත්වය නිසා සුළග සමග පැමිණ ඇති විෂ බීජයකින් මෙම රෝගය පැතිර යන බව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරයි.


සෑම විටම පිරිසිදු ලේන්සුවක් භාවිත කරන ලෙස සෞඛ්‍ය නිලධාරීන් පාසල් සිසුන්ට හා ජනතාවට උපදෙස් ලබා දී තිබේ.