අපේ මට කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් බවට පත්වුනා ජැක්සන් ඇන්තනී මහත්මයාගේ වියෝව පිළිබඳව මේ වන විට කලාවේ බහුතරයක් දෙනා ඉන්නේ දැඩි කම්පාවකින්. එ වගේම අද වන විට තුමාගේ දේහය නිවස බලා රැගෙන යාම සිදුකලා.


ඒ අතරතුර කාලයේ දහස් සංඛ්‍යාත පිරිසක් එතුමන්ගේ දේහය වෙනුවෙන් ගෞරවය දක්වන්න අමතක කළේ නැහැ.ඒ අනුව මැති ඇමැතිවරු විශාල පිරිසක් ද එය අවස්ථාවට සහභාගී වුණා.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝක පණිවිඩය යොමු කරද්දී මහින්ද රාජපක්ෂ   ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාස වැනි දේශපාලන චරිත රැසක් අද ඔහුට අවසන් ගෞරවය දක්වන්න අවසන් වතාවට ඔහුව දැකබලාගන්නට ඒ අවස්ථාව වෙනුවෙන් සහභාගි වුණා.


කලා ක්ෂේත්‍රයේ නව නිර්මාණ හා නව මාදිලියේ කලා ප්‍රවණතා ඉතාමත් නිර්මාණශීලී අන්දමින් සිදු කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ ඉමහත් ගෞරවයක් එතුමාට ඇති බවත් මෙසේ අවාසනාවන්ත ලෙස හදිසියේම අප අතරින් වෙන් වූ එතුමාට මොක් සුව ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළා.


එතුමා මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනි මහතාගේ දේහයට ගෞරව දැක්වීමට තුමාගේ නිවසට ගිය අවස්ථාවේ දී ය.