කාලෙන් කාලෙට ව්‍යාප්තවෙන ලෙඩ රෝග ගැන ඔබ සැලකිලිමත් වීම අතිශ්‍ය වැදගත්...


මේ කියන්න යන්නේ මේ කාලේ හිස ඔසවන තවත් එක් භයානක රෝගයක් ගැන සෞඛ්‍ය අංශවලින් කරන දැනුවත් කිරීමක් ගැන කතාවක්... 

මහ කන්නය ආරම්භ වීමත් සමග මී උණ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා...

මෙරටින් වසරකට මී උණ රෝගීන් 7000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර ඉන් 125 දෙනෙකු පමණ මරණයට පත් වන බවයි වාර්තා වන්නේ....

අවුරුදු 20 ත් 60 ත් අතර වයසේ පසු වන පුද්ගලයින් වැඩි වශයෙන් මියයන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා...

මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කෝලිත ජයසුන්දර කියා සිටියේ මී උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම ප්‍රතිකාර ගැනීමට යොමු වන ලෙසයි...

මෙම මාධ්‍ය හමුවට එක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂාණි දාබරේ සඳහන් කළේ මී උණ වැළදුණු රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමට කඩිනමින් යොමු වන්නේ නම් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැකි බවයි...