පසුගිය දා ආසියානනු ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට මහනුවර  කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සුදුසු ඉඩමක් ලබා දෙන ලෙස සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.


අද දින කුණ්ඩසාලේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමකදී එතුමා මේ බව සඳහන් කොට ඇත.ඒ අවස්ථාවේදී එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ඇය ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට තරම් දක්ෂ ක්‍රීඩිකාවක් බවත් වසර 21 කට පසු රන් පදක්කමක් හිමි කර දුන් එකම පාසල් ක්‍රීඩිකාව බවටත් ඇය ඉතිහාසගත වන බවයි.