ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබූ වාරණය ඉවත් කර බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අද(17) නිවේදනය කළේය.


එම වාරණය ඉවත් කිරීමේ ක්‍රමවේදයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විරෝධය පළ කර තිබේ.


ක්‍රීඩා අමාත්‍යවරයා පේනවා දෙන්නේ ධනුෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙරට අධිකරණය තුළ නඩුවක් පවතින බැවින් අධිකරණයට නොදන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්කට පනවනු ලැබූ වාරණය ඉවත් කිරීම තනි තීරණයක් බවයි.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීතිය නොදන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් පැවසීය