අද දිනයේ සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියේය. 





එහිදි ඔහු ප්‍රකාශ කළේ ඇමතිවරු මාරු කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටලු විසඳෙන්නේ නොමැති බවයි.





" ඇමතිධුර මාරුකර පලියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටලු විසඳෙන්නේ නෑ, අද දින සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කොට, ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව සෞඛ්‍ය ඇමැති ඉවත් කොට නව සෞඛ්‍ය ඇමැතිවරයෙක් පත්කොට ඇත.






නමුත් එයින් සිදුවන සෙතක් නම් අමාත්‍යංශයට සිදුවන බවක් පෙනෙන්නෙ නෑ . හේතුව නම් එම නිලධාරීන් එම ආයතනවලම කටයුතු කරමින් සිටීම හේතුවෙන් සහ ඖෂධ මාෆියාවට සම්බන්ධ ඖෂධ සමාගම් මෙම ඇමතිවරයාද බිලිබා ගැනීමට සූදානමින් සිටින බව හූනා කිව්වා වගේ කියන්න පුළුවන්.. 






නව සෞඛ්‍ය අමාත්‍යවරයාට ද කියන්න තියෙන්නේ ඔබතුමාව බිලි බාගන්න ඖෂධ සමාගම් සහ නිලධාරීන් හෙට දිනයේ දී ඔබතුමාගේ ගේ පිළිගන්නට ඇවිල්ලා ඉන්න පුළුවන්.







මෙම මාෆියාවට සම්බන්ධ නිලධාරීන් තවමත් කාර්යාලවල වැඩ කරනවා . සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා කියන වැඩ බැරි නිලධාරියාත් මේකේ තාම ඉන්නවා.






මොකද මේ නිලධාරීන් තමයි බාල ඖෂධ ලංකාවට ගෙන්නුවේ. මේ හොර ලේඛන හදපු නිලධාරීන්ට විරුද්ධව දැන් අමාත්‍යවරයා තීන්දු තීරණ ගන්නවද නැත්තං එම පරීක්ෂණ යට ගහන්නද මේ නව පත් කිරීම සිද්ධ කළේ ...







මොකද අපි හිතනවා දැන් මේ හැම දේකටම විසදුම් ලැබුනා ඇමැතිවරයා මාරු කිරීම හරහා කියලා නමුත් මේ නිලධාරීන් තමයි මෙවට උඩගෙඩි දීලා හොරකම සිද්ධ කළේ..






අපි හිතනවා රමේෂ් පතිරණ වෛද්‍යවරයෙක් නිසා මේ මාෆියාවට අහු වෙන එකක් නෑ කියලා... "