චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම සංචාරය නිමා කර ඊයේ (20) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බව එහි කායර්ය භාර නිලධාරිවරයා පැවසීය. 


එසේම එතුමා සමග මෙම සංචාරය සදහා සහභාගි වූ දුත පිරිස ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . චීනයේ පැවති " එක් තීරයක් - එක් මාවතක් " වැඩසටහනේ දස වන සංවත්සරයට සහභාගි වීම, ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරිම සහ චීන ජනාධිපතිතුමා ඇතුළු එරට උසස් නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වීමට ද මෙම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු දුත පිරිස කටයුතු කර තිබුණි .