පාර්ලිමේන්තුවේ පහළ චාලයේ මන්ත්‍රීවරුන්ගේ පුස්තකාලය ආසන්නයේ පසුගිය 20 වැනිදා පස්වරුවේ ගුටිබැට හුවමාරුවක් සිදු වූ බවට වාර්තා විය. අද රටේ බොහෝ අයගේත් සමාජ මාධ්‍යවලත් ප්‍රධාන පුවත බවට පත්වී ඇත්තේ ද එම සිද්ධියයි. සිද්ධිය සම්බන්ධයෙන් නම සඳහන් වී ඇති ප්‍රධාන චරිත කිහිපය අතර රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ද සිටින්නීය. සිද්ධිය සම්බන්ධයෙන් ඇය  මෙසේ අදහස් දැක් වූවාය.


සුජිත් සංජය මන්ත්‍රීතුමා මගෙ බෙල්ලෙන් අල්ලලා තද කළාමට ඒකෙ වේදනාව තවමත් තියෙනවාඒකයි මම රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබා ගත්තෙතවමත් ඒ අමාරුව තියෙනවාමම රෝද පුටුවෙන් යන්නේ ඇයි කියලා සමහරු ප්‍රශ්න කරලා තිබුණා. පෞද්ගලික රෝහල්වලට යන අය ඒවා නොදන්නවා ඇති. රජයේ රෝහල්වලට යන ලෙඩ්ඩි රෝද පුටුවෙන් තමයි ඇතුළට ගෙනියන්නේ. සමහරුන් මේවා දන්නේ නැතිව මට අපහාස කරනවාමන්ත්‍රීවරියකට ghjj කියලා ආමන්ත්‍රණය කරනවා නම් ඒව හරිද? මේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනෑ.