විවාහ නොවී ලිංගික සබඳතා පැවැත්වීම අපරාධයක් බවට නම් කරමින් ඉන්දුනීසියාව පනවා ඇති නීති සංචාරකයින්ට බල නොපාන බව එරට බලධාරීහු පවසා තියනවා...


ඉන්දුනීසියාව හඳුන්වා දුන් මෙම නව නීති අනුව, ලිංගික සබඳතා පවත්වන අවිවාහකයින්ට වසරක සිර දඬුවම් සහ විවාහ නොවී එකට වාසය කරන්නන්ට මාස 6ක සිර දඬුවම් පනවනු ලැබෙන බවයි....

කෙසේ වෙතත්, ඉන්දුනීසියාවට අයත් බාලි දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ විවාහකභාවය පරීක්ෂා නොකරන බව බාලි ආණ්ඩුකාරවරයා පවසයි...

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් වන ඉන්දුනීසියාවේ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ, ආගමික බලපෑම් මතයි...