දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.



ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව පවුල් 13,352 කට අයත් පුද්ගලයින් 54,440 ක් පීඩාවට පත්ව තිබේ.



ආපදා හේතුවෙන් නිවාස 722කට අර්ධ හානි සහ නිවාස 6කට පූර්ණ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.