Slider

නුවර මහ නගර සභාවේ ලක්ෂ 51 මඟුලට ගත් නිළධාරිණියගෙ වැඩ තහනම්





 මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට එකතු වූ රුපියල් ලක්ෂ 51 දෛනික ආදායම නගර සභා ගිණුමට බැර නොකර පවුලේ විවාහ මංගල කටයුත්තක් සඳහා එම මුදල් යොදාගත් බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ .



මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මූලිකත්වයෙන් එහි මූලික විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව එම සේවිකාවගේ වැඩ තහනම් කිරීම සඳහා වූ නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් වෙත යොමු කිරීමෙන් අනතුරුව එය පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ වෙත යොමු කිරීමෙන් අනතුරුව එම වැඩ තහනම් කිරීම නිර්දේශ කොට තිබේ .




පසුගිය කාලය තුළ මහනුවර මහ නගර සභාව තුළ සිදුවී ඇති වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් නගර සභාවේ ගිණුම් අංශය වෙත සිදුකරන සියලු ගෙවීම් කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ජනතාවට ලබාදී ඇති බව නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක පැවසීය .

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo