මානසික රෝගවලින් සුවය ලැබූ 414දෙනෙක් ගෙදර එක්කන් යන්න ඥාතීන් කැමති නෑ.අංගොඩින් ඇහෙන දුක හිතෙන කතා



 ඥාතීන් විසින් භාරගැනීම ප්රතික්ෂේප කර ඇති රෝගීන් 414 දෙනකු තවමත් අංගොඩ ජාතික මානසික සෞඛ්ය විද්යායතනයේ ප්රතිකාර ලබන බව එහි අධ්යක්ෂ වෛද්ය ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය. 

මානසික ආබාධවලට ලක්ව සුවය ලබා සිටින රෝගීන් අතරේ කාන්තාවන් 322 දෙනකු ද, පිරිමින් 92 දෙනකු ද සිටින බව ඇය කියා සිටියාය.

මෙම ඇතැම් රෝගීන් අවුරුදු 30  40 ක සිට රෝහලේ රැඳී සිටින බවද 70 දෙනෙකුට ඡන්ද අයිතිය ඇතැයි ද කියා සිටි අධ්යක්ෂවරිය ඇතැම් රෝගීන්ගේ ලිපිනයන් සොයාගිය විට ඒවා ව්යාජ බව හෙළිවිනැයි ද පැවසුවාය.

මෙම රෝගීන් අවුරුදු 35 ත් 90 ත් අතර වයසේ පසුවන බව පැවසූ වෛද්ය ධම්මිකා විජේසිංහ මහත්මිය මෙම ගැටලුව ගැන සමාජ සේවා දෙපාර්තමේන්තුවට ද දැනුම් දී ඇතැයි කීවාය.

දරුණු මානසික රෝගාබාධවලින් පෙළුණු මෙම රෝගීන් මේ වනවිට සුවය ලබා සිටින බවත්, එවැනි පුද්ගලයන් ඥාතීන් විසින් ප්රතික්ෂේප කිරීම ඉතාම කනගාටුදායක බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා