අනුරාධපුර කොකාවැව දුටුවැව ප්රදේශයේ අවුරුදු 02 මාස 05ක් පමණ වන කුඩා දැරියක් ළිඳකට වැටීමෙන් මියගොස් තිබේ.

දැරිය වැටී සිටිනු දැක බේරාගැනීමට දැරියගේ මව ළිඳට පැන ඇති අතර පසුව ඇගේ ජීවිතයද අවදානමට ලක්ව ඇත. ළිඳ ළඟට ගොස් දරුවාට කිරි දෙන අවස්ථාවේ දැරිය ළිඳට ඇද වැටුණු බවත් බේරා ගැනීමට තමාද ළිදට පැන්න බවත් මව සඳහන් කළාය.

රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් දැරිය මියගොස් ඇති අතර දැරියගේ මව වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (17) සවස් කාලයේ මව සහ ඇගේ කුඩා දැරිය දියේ ගිලීම හේතුවෙන් ප්රතිකාර සඳහා ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කර ඇති බවට ලද තොරතුරක් මත කොකාවැව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

පසුව සිදුකරන ලද විමර්ශනවලදී දුටුවැව ප්රදේශයේ වගා ළිඳක් තුළ මියගිය දැරියගේ සිරුර පාවෙමින් තිබී ඇති බවත්, 31 හැවිරිදි ඇගේ මව එම ළිඳෙහි තිබූ ලණුවක ආධාරයෙන් එල්ලී සිටියදී දෙදෙනාම ගොඩට ගෙන ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කර ඇති බවටත් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

දැරියගේ මරණය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොකාවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.