ආඝාතය වැළඳුනු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා ආඝාත සංගමය පවසයි.


සෑම අවුරුදු 25 වැඩි 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම මෙම රෝගය වැළදීමේ අවදානමක් පවතින බව එහි සභාපති වෛද්‍ය හර්ෂ ගුණසේකර සඳහන් කළේය.




ලබන 29 වන දිනට යෙදී තිබෙන ආඝාත දිනයට සමගාමීව ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.




මුහුණේ එක පැත්තක් ඇද වීම, වචන පැටලීම ආදිය ආඝාතයේ රෝග ලක්ෂණ වේ.


මෙම රෝග තත්වය එක් වරක් වැළදුනොත් ඉන් සියයට 25 කට යළි වැළදීමේ අවදානමක්ද පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.




අඝාතය හේතුවෙන් ලොව මිලියන 6 .5කට අධික සංඛ්‍යාවක් මිය යන අතර ඉන් සියයට 51ක්ම පිරිමි පුද්ගලයන් වේ.


ශ්‍රී ලංකාව තුල ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයෙන් පෙලෙන බව සඳහන් වේ.