මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ නැමැත්තාට පලායාමේ උත්සාහයට සහය වූ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දිය හැකි ඕනෑම අයෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාගයක් පිරිනැමීමට පොලිසිය කටයුතු කර තිබෙයි


මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර නැමැති මෙම නිලධාරියා සම්බන්ධයෙන් හෝ ඔහු සිටින ස්ථානයක් පිළිබඳව හෝ ඔහුව සොයා ගැනීමට හැකි සත්‍ය තොරතුරක් ලබාදෙන ඕනෑම පුද්ගලයෙක් වෙනුවෙන් එම රුපියල් ලක්ෂ 25ක මුදල පිරිනැමෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.


තොරතුරුකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතුකරන බව සඳහන්කරන පොලිස් මූලස්ථානය සඳහන් කරනු ලබන්නේ  මෙම පොලිස් කොස්තාපල් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්  ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ  සහකාර අධ්‍යක්ෂගේ 071- 8591960 හෝ ස්ථානාධිපති විමර්ශන අංශ 1 හී 071-8596150 යන දුරකථන අංක වෙත ඇමතුම් ගෙන ලබාදෙන ලෙසය.