පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඊයේ ප්‍රථම වතාවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (10) ආරම්දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත් වෙනවා. 

නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණය හමුවේ දේශනයක් ඉදිරිපත් කළා. අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ 2019 වසරේ පාස්කු ඉරුදින ස්ථාන අටකදී එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් විසි පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කිරීමට පියවර ගත් බවයිනඩුවේ දාහත්වන විත්තිකරු මියගොස් ඇති අතර ඒ අනුව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙන බවත් නඩුව චෝදනා වැඩිම සංඛ්‍යාවක් ඇතුළත් නඩුව වශයෙන් වාතථා ගත වන බවත් ඇය සඳහන් කළාපාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර වලින් මියගිය සහ තුවාල ලැබූවන්ට යුක්තිය ඉටු කිරීම අරමුණ බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියාඉන් අනතුරුව අදාළ බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආහාරපාන අංශයේ සේවය කළ අසංකා හංසමාලි නැමැති නිලධාරිනියක සාක්ෂි ලබා දුන්නා.

ඇය ප්‍රකාශ කළේ පිපිරීම සිදු වූදා පෙරවරු හයට පමණ තමා ෂැංග්‍රිලා හෝටලයේ තිබෙන අවන්හලේ සේවයට වාතථා කළ බවයිඑදින "ඊස්ටර් බ්‍රන්ච්” යනුවෙන් විදේශිකයින් සඳහා විශේෂ ආහාර වේලක් පිළියෙල කර තිබූ බවත් ඇය සාක්ෂි දෙමින් කියා සිටියා. තමා අමුත්තන් කැඳවාගෙන ගොස් අදාළ ස්ථානවල වාඩි කරන අවස්ථාවේදී අවන්හලේ සී සහ ඩී කොටස් අතර පළමුවන බෝම්බ පිපිරීම සිදුවූ බවත් ඇය පැවසුවා. 

එම පිපිරීම සිදු වූ අවස්ථාවේ අවන්හල තුළ දැඩි අන්ධකාර ස්වභාවයක් ගෙන තිබූ බවත් ඉන් පසුව තමා සී කොටස කරා ඇදී යද්දී දෙවන බෝම්බය පිපිරී ගිය බවත් ඇය කියා සිටියා. පසුව එම ස්ථානයේ මස් කැබලි, අත් සහ පාදවල කැබලි විසිරී තිබෙන ආකාරයක් තමා දුටු බව ද ඇය සඳහන් කළා. 

මෙම පිපිරීම් වලින් තම හිසට තුවාල වූ අතර තමා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගත් බවයි ඇය කියා සිටියේ. ඉන්පසුව විමශර්න නිලධාරීන් පැමිණ තමන්ගේ ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ඡායාරූප දෙකක් පෙන්වා ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව ප්‍රශ්න කළ බවත් කී සාක්ෂිකාරිය එහි එක් පුද්ගලයෙකු සහරාන් බව සඳහන් කළා. 

සහරාන් නැමැත්තා පිපිරීම සිදුවීමට පෙර තමා අසලින් ගමන් ගත් ආකාරය තමන් දුටු බවත් ඇය කියා සිටියා. අනතුරුව වැඩිදුර සාක්ෂි විමසීම අද දිනය තෙක් කල් තැබුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීමආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවිමොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමාමොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.