මධ්‍යම හා ඌව පළාතට අයත් හින්දු කෝවිල් 21ක් බිද රන් ආභරණ හා පිං කැට මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු ඊයේ නුවරඒළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.





මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹේවෙල වත්ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.


සැකකරු සමග සොරකම් කරන ලද රන් භාන්ඩ මිලදී ගත් තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබේ.





සැකකරු අද (23) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී සොරකම් සිදුවුණු ප්‍රදේශයන් කිහිපයක් නියෝජනය කරන ප්‍රදේශවාසීන් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධතාවක් ද


සංවිධානය කර තිබිණි.




ඔවූන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුට ඇප නොදී සිරගත කරන ලෙසය.