සේරුනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් නීලපොල ප්‍රදේශයේ වත්තාකට ඇතුළු වූවා යැයි ගවයන් 20 කට කොටා 7දෙනෙකුට බරපතළ තුවාල සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මූතූර් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත. 


ගවයන් 20ක් කපා කොටා ඇති අතර ගවයන් 7දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් පැටියෙකු ප්‍රසූත කිරීමට ආසන්න වැස්සියක ද එහි සිටින බවත් ගව හිමියා පැවසුවේ ය. එසේම එළ ගවයන් හත් දෙනාගේ වටිනාකම රුපියල් ලක්ෂ හයකට ආසන්න බවද සඳහන් වේ.