2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (07) දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිතයි.

දිල්ලිහි දී පැවැත්වෙන තරගය පස්වරු 02ට ආරම්භ වීමට නියමිත ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවන අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවන්නේ, ටෙම්බා බවූමා විසිනි.

ආබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ගේ සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක් පැවතිය ද ඔහු ගේ ආබාධය සුව අතට හැරුණු බව වාර්තා විය.

කෙසේ වෙතත් ඔහුට අද පැවැත්වෙන පළමු තරගය මඟ හැරෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගි වූ පෙරහුරු තරග දෙකම පරාජයට පත් විය.

ඒ, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේය.