පසුගිය කාලසීමාවේදී ජැක්සන් ඇන්තනි කළාකරුවාගේ වියෝව නිසා බොහෝ දෙනෙක් ඔහුගේ පවුල පිළිබඳව කතා කළා.ඒ අතර ඔවුන්ගේ ජීවිතවලට විවේචන එල්ල කරපු පිරිසකුත් හිටියා.කෙසේ නමුත් ඒ සියලුම දේවල් සම සිතින් දරා ගත්තු ජැක්සන් ඇන්තනි ගේ ආදරණීය දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් පුතා අකිල ධනුද්දර ඔහුගේ මුහුණ පොතේ හරි අපූරු සටහනක් පලකලා.ඉතින් ඔහු ඒ සටහන පල කලේ කුමන අරමුණකින් ද කියන්න අපි දන්නෙ නැහැ.කෙසේ නමුත් ඔහු ඒ ආකාරයෙන් මුහුණු පොතට එකතු කරපු සටහනට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර  හිමිවෙලා තිබුණා.අකිල ඒ ආකාරයෙන් එකතු කල සටහන පහතින් උපුටා දක්වා ඇත.


'පහුගිය අව්රුද්ද පුරාවට 3න් වේලට සුප් තම්බපු අම්මාට අප්පච්චිව නැවත නැගිට්ටවනන තිබුනේ පුදුම අදිෂ්ඨානයක්💪 .අම්මට උදව් ලැබුනා අපේ නෑදෑ පරපුරෙන් ,අපෙන්..... දිනූෂා අක්කාගෙන්♥️ (දිනූශා අක්කයි ,අම්මගෙ චූටි නංගි චූටි පුංච් අම්මවයි නම්❤️ අපිට දෙවියො එවපු අය) කොහොම හරි අවසානයේ............ 🤍ඒවා...කියල වැඩක් නෑ...….

අම්ම මේවා කොහොම ඉවසනවද මන්දා? 

එයා පහුගිය අවුරුද්දේ හයියට ඉදලා අප්පච්චිගෙ වැඩ බැලුවා😔එච්චර බලාපොරොත්තුවක් තියන් ඉදල ඒක කඩවෙලත්❌ ….ඒ වගේම එතනින් එහාටත් අපිට ආදර්ශයක් වෙන්නද කොහෙදෝ කෙලිං ඉන්නවා ,හයියට ඉන්නවා 💪♥️... 

 අප්පච්ච හැමවෙලේම කිව්වා 1983 ඉදං “ජැක්සන් ඇන්තනී” කෙනෙක් නෑ ‘කුමාරි මුණසිංහ’ නැත්තං කියලා අපිට ඒ කතාවත් කිව්වා🌸(ඒක දිග කතාවක්🥹) අපිට කියන්න තියෙන්නේත් අපිත් 2022 ඉදං නෑ “කුමාරි මුණසිංහ” ගේම අතට ගත්තෙ නැත්නං🫡 මට මගෙ අම්මා ගැන පුදුම ආඩම්බරයි😘... 

ඒ වගේම එයාගේ හයිය හිත රිද්දන්න බලන මුකුත් නොදන්න “චූටී දරුවො " ගැන දුකයි😂👍'