දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන මීදුම් තත්වයක් ඇති විය හැකිය.