අක්ෂි රෝගයකට ගොදුරුව දෙනෙත් අන්ධ වූ එරංග මධුෂාන් අද ලෝකය දකින්නේ වෙනෙකුගේ දෑසින්ය.

ඇසේ කුනිතය (Cornea) ඉදිරියට නෙරා ඒමේ රෝගයට ගොදුරු වු ඔහුට සිය දෙනෙත් කෙමින් කෙමින් අහිමි වන්නට විය.

හසලක මිනිපේ දිවි ගෙවන එරංග මධුෂාන් මහියංගනය රෝහලෙන් මුලින්ම ප්‍රතිකාර ලබා ගැනිමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලෙන් සිය රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කර ඇත.

“අවුරුදු 13 දී විතර මගේ ඇස්වල පෙනීම අඩු වෙන්න ගන්නවා ඊට පස්සේ අවුරුදු 16,17 වගේ වෙද්දි පෙනීම හොඳටම අඩු වෙනවා. ඉස්සෙලාම මහියංගනය රෝහලෙන් ප්‍රතිකාර ගත්තා එයාලා කණ්නාඩි තමයි පාවිච්චි කරන්න කිව්වේ. ඒකෙනුත් පෙනීම ගන්න බැරි වුන නිසා මම නුවර අක්ෂි රෝහලට ගියා. එහෙන් පරික්ෂා කරලා මට තියෙන රෝගය හොයාගත්තා. එතනින් මට ලෙන්ස් (සිවි කාච) දාන්න කිව්වා. ඒත් ඒවා දාගෙන ඉන්න බැහැ මගේ කුනිතය ඉස්සරහට එන නිසා කාච ඇහේ හිටින්නේ නැහැ, ඇහෙන් වැටෙනවා, ඇහැ කැපෙනවා. මම ඒවා දාගෙන ඉස්කෝලේ ගියත් පුදුම අමාරුවකින් හිටියේ.”ඉෂාන්ත ජයසේකර කියන වෛද්‍යතුමා තමයි මට කුනිතයක් බද්ධ කරනවා කියලා. තීරණය කළේ. ඊට පස්සේ 2019 වම් පැත්තේ ඇහැට කුනිතය බද්ධ කළා, ඊට පස්සේ දකුණු පැත්තේ ඇහැට 2021 දකුණු ඇහැට බද්ධ කළා.” ඔහු බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

පළමු කුනිතය බද්ධ කරන අවස්ථාව වන විට එරංගගේ දෑස් පෙනීම සම්පුර්ණය පාහේ දුර්වල වී ගොස් ඇති අතර ඔහු පැවසුවේ අලෝකය පමණක් දුටු නමුත් කිසිවක් හඳුනාගත නොහැකි මට්ටමේ සිටි බවයි.

ඔහුගේ වම් ඇසට කුනිතය ලබා දී ඇත්තේ මහනුවර රෝහලෙන් වන අතර අනෙක් කුනිතය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා අක්ෂිදෙනෙත් නොපෙනී යාම නිසාවෙන් සිය අධ්‍යාපනයට වු බාධා මෙන්ම වෙනකෙකුගේ දෑසින් අධ්‍යාපන කටයුතු ජයගත් අයුරු එරංග විස්තර කළේ අහිංසක ආඩම්බරයකිනි.

O/L ලියන්න තිබුන කාළේ තමයි පළවෙනි ඇහැ බද්ධ කරන්න තිබුනේ. ඒ නිසා මට විභාගේ ලියන්න බැරි වුනා. උසස් පෙළ අවුරුදු දෙකක් පහු වුනා ඇස්වල ප්‍රශ්නය නිසා.

වසර දෙකක් උසස් පෙළ විභාගය අතපසු වු එරංග මධුෂාන් සිසුවා මේ දිනවල උසස් පෙළ විභාගයට සුදානම් වන අතර සමාන පෙළ විභාගය විශිෂ්ඨ සමාර්ථ නමයක් (A9) ලබාගෙන ඇත්තේ බද්ධ කරන ලද එක් ඇසකින් විභාගයට මුහුණ දීමෙන්ය.

“O/L ලියද්දි එක ඇහැක් ඔපරේෂන් කළා. A/L ලියද්දි තව ඇහැක් දැම්මා,”යි ඔහු කිවේ සිනාසෙමිනි.

එරංග අද වන විට ලෝකය දකින්නේ වෙනකෙකුගේ දෑසකින් ය. ඒවා කාගේ දැයි ඔහු නොදන්නා නමුත් ඇස් දන් දෙන සියලු දෙනා වෙත ඔහු හදවතින්ම සිය ස්තුතිය පුද කරයි. 

“අද මම ලෝකය දකින්නේ ඒ අය ඇස් දෙක දුන්න නිසා. ඒ අය කරගත්තේ කියලා නිම කරගන්න බැරි පිනක්.” දාන සංගමය විසිනි.