පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිලි අලෙවිසැලක හට ගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.


ඒ සඳහා ගිනි නිවන රථ 8 ක් පමණ යොදා ගැනීමට සිදුවූ බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ.

මෙලෙස ගිනි ගැනීමට ලක්වූයේ මහල් කිහිපයකින් යුත් වෙළඳසැලක්.

එම අවස්ථාවේදී පුද්ගලයින් 15 දෙනෙකු  තුවාල ලබා රෝගල්ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.