වයස අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්දයෙන් චීවරදාරීන් දෙදෙනෙකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවුත්තුඩුව යටදොල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.


අපයෝජනයට ලක්වූ පිරිමි ළමයා රෝහල් ගතකල බවත් , සැකකාර දෙනම මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.