තෙල්දෙණිය මොරගහමුල - ගල්මල් ඔය වංගුව ආසන්නයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.


තෙල්දෙණිය පොලිසිය පැවසුවේ අනතුරින් හිමිනමක් ඇතුළු 12දෙනෙකු තුවාල ලබා ඇති බවයි.


තුවාල ලැබූවන් තෙල්දෙණිය සහ උඩුදුම්බර රෝහල්වලට ඇතුළත් කර තිබේ.


හසලක කොලොන්ගොඩ ගංගාරාම විහාරස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.